Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කල්පිටිය ජනතාවගේ අතමිට සරු කරන බීට්  

Add comments

කල්පිටිය අර්ධද්වීපය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ධීවර කර්මාන්තයටයි. එහෙත් ඊට වෙනස් කර්මාන්තයකින් අතමිට සරු කර ගැනීමට එම ජනතාවට හැකිව තිබෙනවා. කල්පිටිය අර්ධද්වීපයේ විශාල පිරිසක් රතු අල හෙවත් බීට්රූට් වගාවේ නිරත වනවා.

නොරොච්චෝලේ ආලක්කුඩාව, පාලකුඩා, මාම්පූරිය, ඒත්තාලේ ඇතුළු ගම්මාන රැසක අක්කර දහස් ගණනක රතු අල හෙවත් බීට්රූට් වගා කර ඇති ආකාරය දැකගත හැකියි. බීට් කිලෝව රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි කෙරෙනවා. ඒ හේතුවෙන් තම අත මිට සරු වී ඇති බවයි කල්පිටියේ බීට්රූට් වගාකරුවන් පවසන්නේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG