Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාල නැරඹීමට එන සංචාරකයින්ගේ වැඩි වීමක්  

Add comments

යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට එන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. 2008 වසරේදී හතළිස් තුන්දහස් තුන්සිය හැට අටක් වූ එම සංඛ්‍යාව 2015 වසර වන විට පනස් හතර ලක්ෂ පන්දහස් හත දක්වා වර්ධනය වී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කරන්නේ.

යාල වනෝද්‍යානය ආරක්ෂා කිරීමේ කාර්ය සැලසුම් පිළිබද ප්‍රගති වාර්තාව නිකුත් කරමින් එම කාර්යාලය මේ බව සදහන් කරනවා. ජාත්‍යන්තර කීර්තියට පත් යාල වනෝද්‍යානය වසර පුරාම දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගෙන තිබෙනවා. ඊටම ආවේණික දිවි විශේෂය නරඹන්නන්ගේ ප්‍රධානතම ආකර්ශනය දිනාගත් සත්වයායි. දිනකට වාහන 250 කට ආසන්න සංඛ්‍යාවක් වනෝද්‍යානය තුළට ඇතුළු වනවා. එම සංඛ්‍යාව නිවාඩු දිනවලදී හත්සියයකට අධික බවයි ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසන්නේ. වනෝද්‍යානයේ සංචාරක අත්දැකීම් ඉහළ නංවාගැනීමේ කාර්ය සැලසුමක් ද ක්‍රියාත්මකයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG