
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (26) පෙරවරුවේ පැවැත්වුණා. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. පක්ෂ නායකයන් මෙන්ම මැතිවරණ කොමිසමේ නියෝජිතයන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ. තවත් පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතයි. අද (26) පැවති රැස්වීමෙන් පසු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මාධ්‍යයට අදහස් දැක්වූවා.
Post a Comment