
දිවයිනේ ප්‍රදේශ රැසකින් මෙවර ඉතා ඉහළ වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ගොවි ජනතාව අපහසුතාවට ලක් නොකොට ඔවුන්ගේ වී අස්වනු කඩිනමින් මිලදී ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.
වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් වෙන්කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇති බවද අමාත්‍යවරයා කියාසිටියා. වී සහල්කර නව සන්නාමයක් යටතේ වෙළෙඳපොලට නිකුත් කිරීමට ද වී අලෙවි මණ්ඩලය සැලසුම්කර තිබෙනවා.
අමාත්‍ය මහින්ද අමරවීර,
Post a Comment