Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලංගොඩ අතුරුදන් වූ දරුවා සෙවීමේ මෙහෙයුම් හෙටත්  

Add comments

බලන්ගොඩ,සමනල වත්ත ප්‍රදේශයේ ඝන කැලෑවක අතුරුදන් වූ දරුවා සෙවීමේ මෙහෙයුම්  මේ වන විට තාවකාලිකව නතර කර තිබෙනවා. පසුගිය සිකුරාදා (20) දහවල් කාලයේ සිටයි මෙම දරුවා අතුරුදන්ව සිටින්නේ. දර කැඩීම සදහා අසළ කැලයට ගිය පියා සොයා ගිය දරුවා යළි නිවසට පැමිණ නැහැ. වයස අවුරුදු 10ක් වූ සහන් කුමාර ධර්මසිරි  නම් වූ මෙම දරුවා මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටිනවා.

දරුවා පදිංචිව සිටි නිවසට මීටර් 500ක් පමණ දුරින් දිවියෙකුගේ පහරදීමෙන් මියගිය ගෝනෙකුගේ සිරුරක් ද හමු වූ බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම ප්‍රදේශයට නිරන්තරයෙන් දිවියන් පැමිණෙන බවද ප්‍රදේශවාසීන් පවසනවා. හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළද දරුවා පිළිබද කිසිදු තොරතුරක් මෙතෙක් ලැබුණේ නැහැ.

ප්‍රදේශවාසීන්

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG