Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී  

Add comments

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මන්නාරම, මඩු දේවස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා.

මඩු දේවස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පිලිගනු ලැබුවේ මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්නෑන්ඩු සහ පරිපාලක එමිලියානුන්පිල්ලෙයි යන පියතුමන් විසින්. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ පියතුමන් මෙහිදී ආගමික වතාවත් සිදුකර ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද පළ කළා. ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා ද සමරු තිළිණ පිළිගැන්වූවා. අනතුරුව දේවස්ථානය අවට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලුවා. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව ද විශාල පිරිසක් මඩු දේවස්ථානය වෙත පැමිණ සිටියා. ඔවුන්ගෙන් තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත වීමට ජනාධිපතිතුමා අමතක කළේ නැහැ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG