
කැලිෆෝනියාවේ සැන්ඩියෝගෝහි අධිවේගී මාර්ගයක් අසල විශාල ලැව් ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවන භටයින් විශාල පිරිසක් එය නිවා දැමීමට කටයුතු කළා. දෙසීයකට අධික පදිංචිකරුවන් නිවෙස්වලින් ඉවත් කර තිබෙනවා. මෙම සතිය තුළදී ඇමෙරිකාවේ විශාල ලැව් ගිනි හැටක් පමණ ඇති වී තිබෙනවා. එහිදී අක්කර මිලියන එකයි දශම දෙකක ප්‍රදේශයක් විනාශ වී ඇති බවද එරට වාර්තා පෙන්වා දෙනවා.
Post a Comment