Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශේෂ මහාධිකරණය ලබන 24 වැඩ අරඹයි  

Add comments

මහා පරිමාණ මුදල් වංචා හා දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණෙන් ආරම්භ කෙරුණු විශේෂ  මහාධිකරණය ලබන විසිහතරවනදා සිට නඩු විමසීම සිදු කරනවා.  දූෂිතයන්ට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරමින් යහපත් රටක් ගොඩනැගීම සදහා මෙම විශේෂ මහාධිකරණය පිහිටුවීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා.

ලිට්රෝ ලංකා ගෑස් සමාගමේ රුපියල් මිලියන පන්සීයක මුදලක් අයථා ලෙස ආයෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුවයි විසි හතරවනදා විශේෂ මහාධිකරණය හමුවේ කැදවනු ලබන්නේ. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට  ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාල මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස බාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අයයි.

ලිට්රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින් සමාගමට ලබාදුන් රුපියල් මිලියන පන්සීයක  මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙසට ආයෝජනය කිරීමේ දී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි මෙම නඩුව විභාග වන්නේ. දැනට කොළඹ මහාධිකරණ සංකීර්ණයේ සේවය කරන විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න,යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පළමු විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුවරයා පත්කර තිබෙනවා.

අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමිනුයි මෙම විශේෂ මහාධිකරණය පිහිටුවනු ලැබුවේ. ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ද හිමිවුණා. දූෂිතයන්ට එරෙහි නඩු කඩිනම් කිරීම සදහා විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීම සදහා රජය යෝජනා කර තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG