
රත්මලාන ගුවන්තොටුපොළ දීර්ඝ කාලීන සංවර්ධන වැඩපිළිවෙළක් යටතේ දියුණු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ රත්මලාන ගුවන්තොටුපොළෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි. 2030 වසරේ අවශ්‍යතාවන් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති. රත්මලාන ගුවන්තොටුපොළ මෙරට පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපොළයි. එය ඉදි කෙරුණේ 1935 වසරේදීයි. ගෙවීගිය වසර අසූවකට වැඩි කාලයක දී එය ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන් සේවා සදහා යොදා ගැනුණා. පසුගිය සමය තුළදී ගුවන් හමුදා මෙහෙයුම් සදහා ද යොදා ගැනුණේ රත්මලාන ගුවන්තොටුපොළයි. යුද්ධය අවසන් වීමෙන් පසු එම ගුවන්තොටුපොළ සිවිල් ගුවන් කටයුතු සදහා යොදා ගෙන ඇති අතර නවීන තාක්ෂණය යොදා ගනිමින් එය වැඩිදියුණු කිරීම රජයේ අපේක්ෂාවයි. ගුවන්තොටුපොළේ සංවර්ධනය සදහා රුපියල් මිලියන 1479ක් වැය කෙරෙනු ඇති.
Post a Comment