Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝ මුහුදු තීරයේ මුහුදු කැස්බෑවන් 300ක්  

Add comments

ඇමෙරිකාවේ මෙක්සිකෝ ප්‍රාන්තය ආසන්නයේ දකුණුදිග මුහුදු තීරයේ තිබී මිය ගිය මුහුදු කැස්බෑවන් 300 ක් පමණ හමුවී තිබෙනවා.

මියගිය මුහුදු කැස්බෑවන් ධීවර දැල්වල පැටලී සිටියදීයී සොයාගෙන තිබෙන්නේ.  ඔසාකා ප්‍රාන්තයට ආසන්න චියාපාස් ප්‍රාන්තයේ දී මීට පෙර මුහුදු කැස්බෑවන් 102ක්  මිය ගොස් සිටියදී සොයා ගැනුණා. ඉන්  දිනකට පසුවයි මෙම සිදුවීම   වාර්තා වුණේ. කැස්බෑවන් ලෝකයේ දැඩි වඳ වීමේ තර්ජනයකට ලක් වූ සත්ව විශේෂයක් වනවා. කැස්බෑවන් මිය ගිය හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ සදහා විශේෂ ෆෙඩරල් නීතීඥයකු යටතේ පරීක්ෂණ පැවැත්වෙනු ඇති.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG