
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරය පූජා නගරයේ සංචාරයක නිරත වුණා. මහා විහාර පූජාභූමිය සංවර්ධනය සහ සංරක්ෂණය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා පළමුවෙන්ම මිරිසවැටිය විහාරය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. විහාරාධිපති ඊතලවැටුනු වැවේ ඥානාතිලක ස්වාමීන් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා ආශිර්වාද ලබාගත්තා. අභාවප්‍රාප්ත දොස්තර ජයලත් ජයවර්ධන මහතා වෙනුවෙන් මිරිසවැටිය විහාරයේ පැවති දානමය පිංකමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වුණා. මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණු වැවේ ඥානාතිලක ස්වාමීන් වහන්සේ මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත සමරු තිලිණයක් ද පිරිනැමුවා.
ඊතලවැටුණු වැවේ ඥානාතිලක ස්වාමීන් වහන්සේ,
යහපාලන ආණ්ඩුවේ තුන්වන සංවත්සරය හුස්ම ගත්ත වසර තුනක් යන තේමාව යටතේ ලබන 21 වනදා දක්වා සැමරීමට නියමිතයි. මීට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති කිහිපයක් අනුරාධපුරයේදී විවෘත කිරීම මෙන්ම ආරම්භ කිරීම ද සිදුකෙරුණා. මේ යටතේ අනුරාධපුර මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරුණේ ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. සංරක්ෂණය කෙරුණු රුවන්වැලිසෑය ගිනිකොණදිග පොකුණ අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය ද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතින්. පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, පූජ්‍ය පල්ලේගම හේමරතන යන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මේවා සංරක්ෂණය කෙරුණා. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස ස්වාමීන් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමට ද කටයුතු කළා. ලෝවාමහාපාය සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම ද මෙහිදී සිදුකෙරුණා. එය ආරම්භ කිරීමේ සමරු ඵලකය අග්‍රාමාත්‍යවරයා නිරාවරණය කළා.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම වැඩපිළිවෙළ සදහා රුපියල් මිලියන 2500 ක් වෙන්කර ඇති බවයි.
පූජ්‍ය පල්ලේගම සිරි නිවාස සහ පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ වෙත බුදු පිළිම වහන්සේ පිළිගැන්වීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළා. අඹගස්වැව විහාරස්ථානයේ චෛතය සඳහා කොත් වහන්සේ ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරුණා.
Post a Comment