
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමුවරට විදේශයක සිට පෙනී සිටීමට පිහිනුම් ශූර අකලංක පීරිස්ට අවස්ථාව ලැබී තිබෙනවා. ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් ඉසව්ව නියෝජනය කිරීම සඳහා අකලංක ඉන්දුනීසියාව බලා හෙට (15) පිටත්ව යාමට නියමිතයි. එහෙත් ඔහු මෙවර උසස් පෙළ විභාගය සදහා ද පෙනී සිටිනවා. අකලංකගේ මෙම ගැටලුව ජාතික ඔලිම්පික් කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමත් සමග ඉන්දුනීසියාවේ සිට විභාගයට පෙනී සිටීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. වාණිජ විෂයධාරව යටතේ හෙට දිනයේ ඔහුට ඉන්දුනීසියාවේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට ඒ අනුව අවස්ථාව හිමිවනවා. මේ සම්බන්ධයෙන් අකලංක පීරිස් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවී සිය ප්‍රණාමය පිරිනැමුවා.
අකලංක පීරිස් සිසුවා,
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත,
Post a Comment