Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයට ව්‍යාපාර සැලසුම් 783ක්  

Add comments

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය සදහා ව්‍යාපාර සැලසුම් 783 ක් දිවයින පුරා ක්‍රියාත්මකයි. තරුණ ව්‍යවසායකයින් එක්දහස් තිස් දෙනෙකු මේ සදහා සුදුසුකම් ලබා සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සදහන් කරනවා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙම ණය යෝජනා ක්‍රමය ආරම්භ කළේ පසුගියදායි. තරුණ ව්‍යවසායකයින්ගේ ආර්ථික අභිවෘද්ධිය මෙහි අරමුණයි. මේ යටතේ ව්‍යාපාර සැලසුම් 390 ක් දිවයින පුරා ලංකා බැංකු ශාඛා වෙත මේ වනවිට භාරදී තිබෙනවා. වයස අවුරුදු 35 ට අඩු , උපාධියක් ‍හෝ පිළිගත් වෘත්තීය සහතිකයක් ඇති අවම වශයෙන් වසර තුනක් ව්‍යාපාරයේ නියුතු තරුණ ව්‍යවසායකයින් සදහායි මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ. ඇප නොමැතිව හෝ ලිහිල් ඇප සහිතව මෙම ණය ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක්.

තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ බස්නාහිර, මධ්‍යම හා වයඹ යන පළාත් සදහා ප්‍රගති සමාලෝචන රැස්වීම් දැනටමත් පවත්වා අවසන්. සෙසු පළාත් සදහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම් ඔක්තෝබර් මස මුල වනවිට අවසන් කිරීම සැලසුමයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය පිළිබද වැඩිදුර තොරතුරු ළඟම පිහිටි ලංකා බැංකු ශාඛාවෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකියි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG