
රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට හා විෂමතා ඉවත් කිරීම සදහා නව වැටුප් කොමිෂන් සභාවක් පත් කිරීම වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.
දුම්රිය සේවාව ඇතුලු වැටුප් විෂමතා පවතින සේවාවන් මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහායි මෙම කොමිෂන් සභාව පත් කෙරෙන්නේ. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට අදාළ වනවා. රාජ්‍ය අංශයේ දැනට පවතින වැටුප් හා දීමනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක චක්‍රලේඛ කෙරෙහි ද අවධානය යොමු කිරීමට නියමිතයි. රාජ්‍ය සේවයට ඇතිවන බලපෑම් අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කොමිසමට මාස 2 ක කාලයක් ලබා දී තිබෙනවා. සමස්ත රාජ්‍ය සේවය සඳහාම නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම රජයේ අපේක්‍ෂාවයි.
Post a Comment