
පුංචි තිරයේ මහා කලා මංගල්‍යය වන සුමති සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. අද (14) දිනයේ ඊට අදාළ නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කෙරුණා. මෙවරත් නිර්දේශිත නාම අතර අයිටීඑන් නාලිකාව ඉදිරියෙන් සිටිනවා. මෙවර ද සුමති සම්මාන උලෙල සදහා මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ අයිටීඑන් මාධ්‍ය ජාලයයි.
නිර්මාණකරුවන් සහ රංගන ශිල්පීන් පෙරමග බලා පුංචි තිරයේ කලා මංගල්‍යය වන සුමති සම්මාන උළෙල. ලබන 29 වනදා නෙළුම්පොකුණ රඟහලේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. සුමති සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 23 වන වරටයි. ඒ සදහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, සුමති සම්මාන විනිශ්චය මණ්ඩලයේ සභාපති මහාචාර්ය මුදියන්සේ දිසානායක යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. අංශ 38 ක් යටතේ මෙවර සම්මාන පිරිනැමෙනවා. හොදම රූපවාහිනී ග්‍රැෆික් සජීවීකරණය මෙවර හඳුන්වාදුන් විශේෂ සම්මානයයි. 2018 සුමති සම්මාන උළෙල සඳහා නිර්දේශීත නාමයන් අතර අයිටීඑන් නාලිකාව මෙවර ද ඉදිරියෙන්ම සිටිනවා. අයිටීඑන් ඔස්සේ විකාශය වූ සොඳුරු දඩයක්කාරයා ටෙලිනාට්‍යය සම්මාන රැසක් සදහා නිර්දේශවී තිබෙනවා. හොදම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය, හොඳම ටෙලිනාට්‍ය නළුවා සහ නිලිය, හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා, හොඳම ටෙලිනාට්‍ය තිර රචනය, කැමරා අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය මෙන්ම සංස්කරණය, සංගීත අධ්‍යක්ෂණය යන සම්මාන සදහා නිර්දේශිත නාම ඒ අතර වනවා.
මේ අතර අයිටීඑන් ඔස්සේ විකාශනය වූ මිල්ලෑව වලව්ව ටෙලිනාට්‍යය සදහා හොඳම ටෙලිනාට්‍ය සහාය නිලිය, අංග රචනය, කලා අධ්‍යක්ෂණය සහ හොඳම ගීත රචනය යන සම්මාන සදහා නිර්දේශවී තිබෙනවා. වසරේ නැගී එන ටෙලිනාට්‍ය නළුවා සහ නිලිය සම්මාන සදහා නිර්දේශ නාම අතරට එක්වීමට අයිටීඑන් හි විකාශය වූ ටී ටුවෙන්ටි සහ දියමංකඩ ටෙලිනාට්‍ය සමත්වුණා. හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන සඳහා අයිටීඑන් ප්‍රවෘත්ති අංශයේ ඕෂධ මහේෂ් ප්‍රියංකර නිර්දේශ නාම අතරට එක්ව සිටිනවා. ඒ ආටි වැඩසටහන වෙනුවෙන්. හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන සඳහා මංජුල ඇතුගල නිර්දේශ නාම අතරට එක්වුණේ අයිටීඑන් හි විකාශය වූ පති සමීප රූපය සහ දුර රූපය අතර වැඩසටහන වෙනුවෙන්. මෙසේ සුමති නිර්දේශ නාම අතර අයිටීඑන් ශිල්පීන් රැසක් ඉදිරියෙන්ම සිටින්නේ රසාස්වාදය මෙන්ම හරවත් බව සහ දේශීයත්වය රැකදුන් ටෙලිනාට්‍ය කලාවක් බිහිකිරීමට හැකිවීම හේතුවෙන්.
චන්දන තිලකරත්න – ප්‍රධාන විධායක නිලධාරී – අයිටීඑන් මාධ්‍ය ජාලය,
Post a Comment