Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාන්තාවන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

විවාහ කර ගන්නා බවට ප්‍රකාශ කරමින් කාන්තාවන් රවටා මුදල් හා දේපල වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තර්ජාලයෙන් හා පුවත්පත් දැන්වීම් ඔස්සේ මෙම වංචාව සිදුකර ඇති බවටයි හෙළිව තිබෙන්නේ. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මිරිහාන ප්‍රදේශයේ කාන්තාවක රවටා මෝටර් රථයක්, හා රුපියල් එක්ලක්ෂ විසිතුන් දහසක මුදලක් ලබාගෙන ඇති බවයි. එමෙන්ම කළුතර ප්‍රදේශයේ කාන්තාවක ද රවටා මුදල් ලබාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන ලුණුගම පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG