Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද සිට  

Add comments

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද (15) සිට ආරම්භ වනවා. ඒ පාසල් 39 කදි. ඇගයීම් මණ්ඩල 428 ක් පිහිටුවා තිබෙනවා. ගුරුවරුන් 6848 දෙනෙකු ඊට එක්වන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසන්නෙ. පිළිතුරු පත‍්‍ර ඇගයීම අවසන් වන්නේ ලබන 21 වනදා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්කරුවන් තුන් ලක්ෂ පනස් පන් දහස් තුන්සිය විසි හය දෙනෙක් පෙනී සිටියා. එය පැවැත්වුණේ විභාග මධ්‍යස්ථාන 3050 කදි.

මේ අතර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු ලබන 23 වනදා ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG