Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බන්ධනාගාර පරීක්ෂාවට ත්‍රිවිධ හමුදාව  

Add comments

බන්ධනාගාරවල පරීක්ෂාකිරීම් සදහා ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. වැලිකඩ බන්ධනාගාර රැදවියන් පිරිසක් සිදුකරන විරෝධතාව සම්බන්ධයෙන් ගාල්ලේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළා.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහළය මත නැගී විරෝධතාවක් ආරම්භ කළේ ඊයේ (13) දිනයේයි. අද (14) දිනයේත් ඔවුන් විරෝධතාවේ නිරත බව වාර්තා වුණා. කෙසේ වෙතත් මෙලෙස රැඳවියන් විරෝධතාව සදහා වහලයක් මතට නැගීම පිළිබද සැක මතුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ.

බන්ධනාගාර රැදවියන් මුහුණදී සිටින ගැටලුවලට වහාම විසදුම් ලබාගැනීම සදහා මැදිහත්වන ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ලිපියක් භාරදී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG