Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාත්‍යන්තර බලපෑම්වලින් රණවිරුවන් ගලවා ගත්තේ වත්මන් ආණ්ඩුවයි  

Add comments

ජාත්‍යන්තර බලපෑම්වලින් රණවිරුවන් ගලවා ගත්තේ වත්මන් රජය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. රණවිරුවන් පමණක් නොව ඇතැම් නායකයින් විදුලි පුටුවෙන් ගලවා ගත්තේ ද වත්මන් රජය බවයි ජනාධිපතිතුමා මනම්පිටිය ප්‍රදේශයේදී ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර යුද අධිකරණ හා විදුලි පුටු පිළිබඳ පසුගිය රජය සමයේ මහත් කතාබහක් ඇති වුණා. ඒවා කරලියට ගෙන එමින් ඡන්ද ඩැහැ ගැනීමේ ක්‍රමයට දැන් තිත තබා අවසන්. ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වූ ජාත්‍යන්තර බලපෑම්වලින් ගැලවීම සඳහා නියමිත කාලයටත් පෙර ඡන්දයකට යාමට පැවති රජයට සිදු වුණා. එමෙන්ම එම යුගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට උපවාසයකට ගිය කැබිනට් අමාත්‍යවරයෙකුට තැඹිලි වතුර පෙවීමට පවා එදා රාජ්‍ය නායකයා කටයුතු කළා. මානව හිමිකම් මහකොමසාරිස්වරිය විවාහ කර ගැනීමට කැමති බවට එම රජයේ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයින් පවා හෑල්ලුවට ලක් කළා. මෙවැනි තත්ත්වයක් යටතේ දිනෙන් දින මාතෘ භූමිය ලෝකයෙන් හුදෙකලා වන තත්ත්වයකට පත්වුණා. ඒ සියල්ල උඩු යටිකුරු කරමින් රට ජාත්‍යන්තරය හමුවේ ඉහළින්ම ඔසවා තැබීමට තමන් ප්‍රමුඛ වත්මන් රජයට හැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG