Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන්වල තවත් රහසක් එළියට  

Add comments

උතුරු කොරියාව තවමත් න්‍යෂ්ටික හා මිසයිල වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉදිරිපත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ සම්බාධක වලට  එරෙහි වෙමින් ඔවුන් මෙලෙස න්‍යෂ්ටික කටයුතු කරන බවයි සදහන් වන්නේ. තවද නීති විරෝධිව ඛණිජ නිෂ්පාදන ජාවාරම්වල  වැඩිවීමක් දක්නට ලැබෙන අතර ඒ සමගම උතුරු කොරියාව අවිආයුධ වෙළඳාම්ද සිදු වන බවට එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

ස්වාධීන විශේෂඥ කණ්ඩායමක් මාස 06 ක් සිදු කළ රහසිගත මෙහෙයුමකින් මේ බව හෙළිව තිබෙනවා. එම වාර්ථාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඊයේ (03) ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත් මෙම වාර්තාව පිළිබද උතුරු කොරියාව කිසිද්‍ර ප්‍රකාශයක් සිදු කර නැහැ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර  හමුවෙන් පසුව න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණියා. ඒ හේතුවෙන් රටවල් දෙක අතර සමීප සබදතා පැවැත්වෙන කාලවකවානුවක නැවතත් ගැටළු මතුවෙමින් පවතින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG