
34 වන සරසවි සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ සිනමා බලාපොරොත්තුව වූ සරසවි සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා. හෙලයේ අග්‍රගන්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් මෙවර උළෙල නම්කර තිබීම විශේෂත්වයක්. පත්තර කලාවේ මහගෙදර ලේක් හවුස් ආයතනයයි සරසවි සම්මාන උළෙල සංවිධාන කළේ. කාගීල්ස් ආයතනය ඒ සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදුන්නා. මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ටෙලිවිෂන් කලාවේ මහගෙදර අයිටීඑන් මාධ්‍ය ජාලයයි.
මෙවර සම්මාන උළෙලේ දී 2016 – 2017 වසර 2 සඳහා සම්මාන 50ක් පිරිනැමුණා. එහිදී 2017 හොඳම නැගීඑන නිළිය ලෙස සම්මාන දිනාගත්තේ රංගන ශිල්පිනී තිසුරි යුවනිකා. රංගන ශිල්පී දිනෙත් ද සිල්වා 2017 හොදම නැගී එන නළුවා සම්මානය දිනාගත්තා. 2017 හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ පූජා උමාශංකර්. 2017 හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනාගත්තේ 28 චිත්‍රපටයයි. 2017 හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහයන් දිනාගත්තා. ආදරණීය කතාවක් චිත්‍රපටය වෙනුවෙන් 2016 හොදම ගායිකාව සම්මානය දිනාගත්තේ කුෂානි සඳරේකායි.
අලි කතාව චිත්‍රපටය වෙනුවෙන් විදූෂා නේත්‍රාංජලී 2017 හොදම ගායිකාව සම්මානය දිනාගත්තා. මෝටර් බයිසිකලය චිත්‍රපටය වෙනුවෙන් අජිත් කුමාරසිරි 2016 හොඳම ගායකයා සම්මානය දිනාගත්තා. 2017 හොඳම ගායකයා ලෙස සම්මාන දිනාගත්තේ දුමාල් වර්ණකුලසූරියයි. ඒ ප්‍රේමය නම් චිත්‍රපටය වෙනුවෙන්.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාභිමානී සම්මානය සුමිත්‍රා පීරිස් මහත්මිය වෙත පිරිනැමුණා. 2017 රනපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය මහාචාර්ය ඩයස් ගුණරත්නට හිමිවුණා. 2017 රණතිසර සම්මානය ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසිංහට හිමිවූ අතර 2016 රණතිසර සම්මානය හිමිවූයේ ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු වෙතයි.
කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, රන්ජන් රාමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment