Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අවධානය  

Add comments

චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිළිබඳ එරට රජයේ අවදානය යොමුව තිබෙනවා. වයස්ගත ජනගහනය වැඩිවීමත් උපත් අනුපාතය අඩුවීමත් හේතුවෙන් මෙම පියවර ගැනීමට චීන රජයේ අවදානය යොමුව තිබෙනවා. 1979 වසරේදී සීඝ්‍රයෙන් ඉහළ යන ජනගහනය පාලනය කිරීමට එවකට රජය විසින් එක් පවුලකට එක් ළමයෙකු සීමාවිය යුතු බවට නියෝගයක් පැනවූවා. මේ වනවිට වයස්ගත ජනගහනය වැඩිවීමත් ශ්‍රම බලකාය හීනවීමත් හේතුවෙන් 2016 දී එක් පවුලකට ළමයින් දෙදෙනෙකු දක්වා වැඩිකිරීමට කටයුතු කෙරුණා. එම සීමාව ද ඉවත් කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. එම පනත් කෙටුම්පත 2020 දී ඉදිරිපත් කිරීමට සූදානම්කර තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG