Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ජාතික ප‍්‍රදර්ශනය පෙරවරුවේ ඇරඹෙයි  

Add comments

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) ආරම්භ කෙරෙනවා. සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය යන තේමාවෙනුයි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.  ව්‍යවසායකයින් දිරිගන්වන විස්සයි විසිපහ මත පදනම් වූ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය දින තුනක් පුරා මොනරාගලදී පැවැත්වෙනවා. ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. ඒ පිළිබද දැනුවත් කිරීමේ අරමුණෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙය සංවිධාන කරනවා. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මතයි ප්‍රදර්ශනය සංවිධාන කෙරෙන්නේ.

කලාප 12 කින් සහ ප්‍රදර්ශන කුටි 515 කින් එය සමන්විතයි. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ප්‍රදර්ශකයන් 204 ක් සහිත දැවැන්ත අධ්‍යාපන කලාපයක් ද ඊට ඇතුළත්. නව ව්‍යවසායකයින්ට වෙළෙදපොල හා සම්බන්ධවීමට මෙම ප්‍රදර්ශනය තුළින් අවස්ථාව හිමිවනවා. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවාවන් ලබාගැනීමට ද ප්‍රදර්ශන කලාපයක් වෙන්කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ විශේෂ ප්‍රදර්ශන කලාප ද ඊට ඇතුළත්. ප්‍රදර්ශනය ආරම්භකිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම්කර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG