ඇරිසෝනා ප‍්‍රාන්තයේ මෙසා රෝහල් කාර්ය මණ්ඩලයේ හෙදියන් දහසය දෙනෙකු එකවර ගර්භනි තත්ත්වයට පත්ව ඇති බව එරට වාර්තා සඳහන් කරනවා. එය සුවිශේෂි අවස්ථාවක් බවයි රෝහල් බලධාරින් පෙන්වා දෙන්නේ. ඉන් වැඩි පිරිසක් රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ සේවයේ නියුතු හෙදියන්. පළමු දරු ප‍්‍රසූතියට දින නියමව ඇත්තේ සැප්තැම්බර් මාසයේ දී. දහසය දෙනාගෙන් අවසාන ප‍්‍රසූත දිනය ජනවාරි මාසයට යෙදී ඇති බවයි රෝහල් වාර්තා සඳහන් කළේ.
Post a Comment