උතුරු මුහුදේ පාවෙමින් තිබී සොයාගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලිසියට භාරදී තිබෙනවා. මුහුදේ පාවෙමින් තිබියදී කිලෝ ග්රෑම් 83යි ග්රෑම් 500ක් බර මෙම කේරළ ගංජා තොගය නාවික හමුදාව සොයා ගත්තා. ඒ උතුරු නාවික විදානයට අයත් වේඟ ප්රහාරක යාත්රාවක අනියුක්ත නාවික හමුදා නිලධාරින්ගේ මුර සංචාරයකදී. එහි වටිනාකම රුපියල් කෝටියකට අධිකයි.
Post a Comment