පකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඉම්රාන් ඛාන් සිය කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සාමාජිකයින් විසි දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ 15 දෙනෙකු අමාත්‍යවරුන් වන අතර 05 දෙනෙකුම අග්‍රාමාත්‍ය උපදේශකයින් වනවා. නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් පාකිස්ථාන ජනාධිපති මන්දිරයේදී හෙට (20) දිවුරුම් දීමට නියමිතයි. විදේශ කටයුතු, ආරක්ෂක , මුදල් හා දුම්රිය කටයුතු අමාත්‍ය ධූරයන් ජ්‍යෙෂ්ඨ දේශපාලන සාමාජිකයන්ට ලබා දී ඇති බව සදහන්. මේ අතර පකිස්ථාන ජනාධිපතිවරණය ලබන මසර් 04 වනදා පැවැත්වීමට නියමිතයි.
Post a Comment