Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශීය ආර්ථික වර්ධනයේ පිබිදීමක්  

Add comments

ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ ඉදිරි දැක්ම පදනම් කරගනිමින් වර්ථමාන මුදල් ස්ථාවරත්වය නොවෙනස්ව පවත්වාගෙන යාමට මහබැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. 2018 වසර සදහා වන පස්වන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය පිළිබදව අදහස් දක්වමින් මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ සම්බන්ධයනේ අදහස් දැක්වුවා.

දේශීය හා ගෝලීය ආර්ථික වර්ධනයන් මෙන්ම ඉදිරි ආර්ථික තත්ත්වය පිළිබදව සලකා බැලීමෙන් අනතුරුවයි වර්ථමානයේ පවතින මුදල් ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා මහබැංකුව තීරණය කළේ.

මේ වසරේ දෙවන කාර්තුවේදී දේශීය ආර්ථික වර්ධනයේ ක්‍රමික පිබිදීමක් දැකගත හැකිවුණා. තරගකාරී මෙන්ම නම්‍යශීලී විනිමය අනුපාතයක්, අඩු උද්ධමනයත්, අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වයත් , අපනයන හා ආයෝජන සදහා ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවත් අනුගමනය කරමින් තනි අංකයක ආර්ථික උද්ධමනයක් මගින් ඉදිරියේ දී දේශීය ආර්ථිකය ඉහළ නැංවීම මහ බැංකුවේ අපේක්ෂාවයි.  වර්ථමාන මුදල් ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම හමුවේ ස්ථාවර තැන්පතු පහසුකම් සියයට හතයි දශම දෙකයි පහක් ලෙස හා ස්ථාවර ණය ලබා ගැනීමේ පහසුකම සියයට අටයි දශම පහයි බින්දුවක් ලෙසින් පවතිනවා. ඒ වගේම එංජින් ධාරිතාව 1000ට අඩු වාහනවල ආනයන බදු වැඩිකිරීමට එකම හේතුව වාහන තදබදය විතරක් නෙවෙයි. වෙළඳ පරතරය වැඩවීමත් මේ තත්ත්වයට හේතුවක් විදියට පෙන්වා දෙන්න පුළුවන්.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG