පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට 22 වන අග්‍රමාත්‍යවරයා ලෙස අද (18) දිවුරුම් දුන්නා. ඉස්ලාමාබාද් නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදීයි ජනාධිපති මම්නූන් හුසේන් ඉදිරියේ ඔහු අද(18) දිවුරුම් දුන්නේ. දිවුරුම් දීමේ උත්සවයට දේශපාලනඥයින් ,ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. පසුගිය මාසයේ පැවති මහ මැතිවරණයේ දි ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ආසන 270න් 115ක බලය හිමිවුණා. ඒ අනුව ඉම්රාන් නියෝජනය කළ පී.ටී.අයි. පක්ෂය ආසන වැඩි සංඛ්‍යාවක් දිනාගැනීමට සමත්වුණා.
පාකිස්තාන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා තෝරාපත් කර ගැනීම සදහා ඊයේ පැවති ඡන්ද විමසීමේ දී ඉම්රාන් ඛාන්ට පක්ෂව ඡන්ද 176 ක් ලැබී තිබුණා. එමෙන්ම ඔහුට පාකිස්තාන සුළු විපක්ෂ කිහිපයක සහාය ද ලැබී තිබෙනවා. ඒ අනුවයි නව අගමැති ධුරය ඔහුට හිමිවුණේ. දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින පාකිස්ථානය ඉන් ගලවා ගැනිමට නව අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කළ යුතු බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. පාකිස්ථානයේ ජනප්‍රිය ක්‍රිකට් තරුවක් වූ ඉම්රාන් ඛාන් 1992 වර්ෂයේ ක්‍රීකට් ලෝක කුසලානය පාකිස්ථානයට දිනා දීමට ද සමත් වුණා.
Post a Comment