
ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කරගනිමින් පැවැත්වෙන ප්‍රදර්ශනය නැරඹීමට පළමු දිනයේදීම විශාල පිරිසක් එක්ව සිටියා.
ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබද දැනුවත් කිරිමේ අරමුණින් සංවිධාන කෙරෙන ප්‍රදර්ශනය කලාප 12 කින් සමන්විතයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත පැවැත්වෙන ප්‍රදර්ශනය හෙට දිනයේද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. නව ව්‍යවසායකයින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමටද මෙහිදී අවස්ථාව උදා කර දී තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකිවීමද විශේෂත්වයක්. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමටද ප්‍රදර්ශනයේ විශේෂ කලාපයක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපන කලාපයටද විශේෂාංග රැසක් ඇතුළත්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය තුළ අයිටීඑන් මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශන කුටියක් ද පැවැත්වෙනවා. රූපවාහිනිය හා ගුවන්විදුලි ප්‍රවෘත්ති මෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කෙරෙන ආකාරය මෙම ප්‍රදර්ශන කුටියේදී දැකගත හැකියි. පළමු වරට වෙබ් මාධ්‍යවේදීන් සදහා ප්‍රදර්ශනයකදී කුටියක් වෙන් කර තිබීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ තවත් විශේෂත්වයක්.
Post a Comment