Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු ජාතික ආර්ථික සභාවට  

Add comments

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිතසේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.

මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන ලාභය ආදායම් බද්දෙන් නිදහස් කිරීමේ තීරණය ඉවත් කිරීම, මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයේ දී ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් පනවන ලද 0.5% අපනයන සේවා ගාස්තුව දුෂ්කරතා ඇතිකරන අපනයන ප්‍රතිපත්ති ඇතුලු කරුණු රැසක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණි. මෙහිදි මැණික් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන ලාභය ආදායම් බද්දෙන් නිදහස් කිරීමේ තීරණය ඉවත් කිරිම නිසා වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500 කපමණ විදේශ විනිමය නොලැබෙන බව එම සංගමයේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දුන්හ. මැණික්ගල් වෙළෙදාම මැඩගස්කරය, නයිජීරියාව, මොසැම්බික් යන රටවල් ද ඇතුලත් වන පරිදි කේන්ද්‍රගතව තිබෙන නිසා ආදායම අඩුවීමේ තත්ත්වයක් මතුව ඇති බව මැණික් සහ ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කරයි.

මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් භාණ්ඩ සදහා වන රේගු බදු ඉහළ නැංවීම හේතුවෙන් ස්වර්ණාභරණ කර්මාන්තයට ද අහිතකර ප්‍රතිඵලවලට මුහුණපෑමට සිදුව ඇති බව එම කර්මාන්තයේ නියුතු කර්මාන්තකරුවන් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇත. මේ පිළිබදව සහ මැණික් කර්මාන්තයේ නිරතව සිටින වෙළෙද ව්‍යාපාරිකයින් මුහුණ දී ඇතිගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. ඒ අනුව එම ගැටලු පිළිබදව ජාතික ආර්ථීක සභාවේ දී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG