Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුමති සම්මාන උලෙළේදී ITN මාධ්‍ය ජාලයට සම්මාන රැසක්  

Add comments

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය , සුමති සම්මාන උලෙළ ඊයේ පැවැත්වුණා. එහිදී  ITN  නාලිකාව සම්මාන රැසකින් පිදුම් ලැබුවා. මෙවර ද සුමති සම්මාන උලෙල සදහා මාධ්‍ය අනුග්‍රහය ලබාදුන්නේ අයිටීඑන් මාධ්‍ය ජාලයයි.

23 වන සුමති සම්මාන උළෙල නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණේ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්. සම්මාන උළෙලේ සම්මාන අතර  ITN නාලිකාව මෙවර ද ඉදිරියෙන්ම සිටියා. සුවිශේෂී මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් මෙවරත් සම්මාන රැසකින් පිදුම් ලැබීමට අයිටීන් ප්‍රවෘත්ති අංශයට හැකි වුණා.  ITN ප්‍රවෘත්ති අංශයේ ගයාන් ඇල්ලේගොඩ නිෂ්පාදනය කළ උමා ඔයේ ඇත්ත කතාව හොදම රූපවාහිනී කාලීන වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණා. එමෙන්ම ප්‍රවෘත්ති අංශයේ ඕෂධ ප්‍රියංකරගේ ආර්ටි විශේෂාංගයට සම්මාන හිමිවුණේ හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන ලෙසයි. හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය දෙවන ස්ථානය  ITN ප්‍රවෘත්ති අංශයට හිමිවුණා. ඉන්දික වීරකෝන් එම සම්මානය ලබාගත්තා.  ITN නිෂ්පාදකවරයෙකු වන මංජුල ඇතුගලගේ පතී වැඩසටහන හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණා. එමෙන්ම  ITN ඔස්සේ විකාශය කළ දියමංකඩ ටෙලි නාට්‍යයේ අශේන් මංජුල නැගී එන ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය හිමිකර ගත්තා. සොඳුරු ආඥාව අධ්‍යක්‍ෂණය කළ  ITN හි උදය කුමාර තෙන්නකෝන් ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වුණා. මිල්ලෑව වලව්ව ටෙලි නාට්‍යයට ද ජූරියේ තවත් විශේෂ සම්මානයක් හිමි වූ අතර එය ක්ලීටස් මෙන්ඩිස් ලබා ගත්තා. කලාව වෙනුවෙන් කළ මෙහෙය අගය කරමින් සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන්ට ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමුණා. සුමති සම්මාන උලෙළේදී ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ රවීන් කණිෂ්කයි. ජනප්‍රියම නිළිය ලෙස ශලනි තාරකා සම්මාන ලබා ගත්තා. හොද ම ටෙලිනාට්‍ය නළුවා ලෙස සම්මාන ලැබුවේ ශ්‍යාම් ප්‍රනාන්දුයි.  නදී කම්මැල්ලවීර හොදම ටෙලිනාට්‍ය නිලිය ලෙස  සම්මාන දිනාගත්තා. සුමති සම්මාන උලෙළේදී  ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන යූ.ඩබ්ලිව් සුමතිපාල  අනුස්මරණ සම්මානය ප්‍රවීන රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍රට සහ ප්‍රවීන රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහට හිමි වුණා. නර්ථනාංග රැසකින් උළෙල වර්ණවත් වුණා. මැතිඇමතිවරුන් , කලාකරුවන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG