Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුන්සාන් සුකී ඉල්ලා අස්විය යුතුයි – ජගත් මානව හිමිකම් කවුන්සලය කියයි  

Add comments

මියන්මාර නායිකා අවුන්සාන් සුකී ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානීයා පවසනවා. පසුගිය වසරේ දී රෝහින්ජා ජනතාවට එරෙහිව ගෙන ගිය ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඇය ඉල්ලා අස් විය යුතු බවයි ඔහු පවසන්නේ.

නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වන සුකී මේ සම්බන්ධව ක්‍රියා නොකිරීම කණගාටුවට කරුණක් බව ඔහු වැඩිදුරටත් කියා සිටිනවා. මියන්මාරයේ ඉහළ පෙලේ හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව සමූල ඝාතන චෝදනා යටතේ පරීක්ෂණ සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කර සිටියා. රෝහින්ජාවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වූ භීෂණය සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නඩු විභාගයක් පැවැත්විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාව සදහන් කරන්නේ. කෙසේවෙතත් මියන්මාරයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසකට එක්සත් ජාතීන්ගේ සංවිධානය එල්ල කළ චෝදනා මියන්මාර රජය ප්‍රතික්ෂේප කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG