Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය හිටපු අගමැති වජ්පායි භාරත මාතාවගෙන් සමුගනී  

Add comments

ඉන්දීය දේශපාලනයේ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (17) පස්වරුවේ සිදුකෙරුණා. 1990 වසරේ සිට තුන් වරක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ අතල් බිහාරි වජ්පායි මිය යන විට 93 වන වියේ පසුවුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යමුනා නදිය අසල රාෂ්ත්‍රීය ස්මිත්‍රි සමාධි හිදී සිදුකෙරුණා. ජවහල්ලාල් නේරු හා ලාල් බහදූර් ශාස්ත්‍රි යන හිටපු අග්‍රාමාත්‍යවරුන්ගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ද එහිදීයි. අතල් බිහාරි වජ්පායිගේ අභාවයට ශෝකය පළ කිරීමක් ලෙස එරට දින හතක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කෙරුණා. භාරතීය ජනතා පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ අතල් බිහාරි වජ්පායි  මාධ්‍යවේදියෙකු හා කවියෙකු ද වනවා. ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙකු බවට පත් කිරීම සඳහා සුවිශාල සේවාවක් ඉටු කළ නායකයෙකු ලෙසයි ඔහු සැලකෙන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්, හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං, හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් මෙන්ම ෂාරුක් ඛාන්, ප්‍රියංකා චොප්රා ආදී නළු නිළියන් ද අතල් බිහාරි වජ්පායිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා. එමෙන්ම ඉන්දීය ජනතාව දහස් ගණනක් මෙම භාරතීය ජනතා පුත්‍රයාට සිය අවසන් ගෞරව දැක්වීමට දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG