
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය කිසිදු සාධාරණ වර්ජනයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා. මේ අතර රෝහල්වලට ප්‍රතිකාර ලබා ගැනීම පැමිණ හිස් අතින් ආපසු යාමට සිදු වූ රෝගීන් පවසන්නේ වෛද්‍යවරැන් සිය පටු අරමුණු වෙනුවෙන් තම ජීවිත බිල්ලට ගැනීම දැඩි ලෙස හෙළා දකින බවයි.
මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යවන සුළු හේතු පාඨ දක්වමින් වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. වර්ජනයට එක් හේතුවක් ලෙස ඔවුන් දක්වා ඇත්තේ වෛද්‍යවරුන් වෙත පනවා ඇති 12%ක්ව පැවති වැට් බද්ද සියයට විසිහතර දක්වා වැඩි කර ඇති බවයි. එහෙත් වැට් බද්ද 24% දක්වා අය කර ගනු ලබන්නේ මාසිකව රුපියල් තුන්ලක්ෂ පනස් දහසකට වඩා ආදායමක් ලබන වෛද්‍යවරුන්ගෙන් පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කරනවා. පෞද්ගලික රෝහල් මත පනවා ඇති සියයට පහළොවක වැට් බද්ද හේතුවෙන් ජනතාව මත බදු බර පැටවෙන බවද ඔවුන් පවසනවා. එහෙත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පෞද්ගලික රෝහල් සදහා පනවා ඇති වැට් බද්ද පසුගිය මාසයේ සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි. මේ අනුව මෙම වෛද්‍ය වර්ජනය කිසිසේත්ම ජනතාව ගැන සිතා සිදු කරන සාධාරණ වර්ජනයක් නොවේ. රජය සාමාන්‍ය ජනතාව මත බලපාන වක්‍ර බදුද ඉදිරියේදී ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් මත ඊනියා වැඩ වර්ජන සිදු කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අරමුණ වන්නේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම පමණක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා. මේ අතර දිවයිනේ රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි රෝගීන් රැසක් දැඩි අසීරුතාවට පත් වුණා.
Post a Comment