ගංවතුරත් සමග ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල තාවකාලිකව වසා දැමීම හේතුවෙන් අපහසුතාවට පත් ගුවන් මගීන්ට පහසුකම් සැලසීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු යොදා තිබෙනවා.
කොචින් ගුවන් තොටුපල ලබන 26 වනදා තෙක් වසා තැබෙන බවට නිවේදනය කෙරුණා. ඒ අනුව කොචින් සිට කොළඹ දක්වා පැමිණීමට ආසන වෙන්කර ඇති ගුවන් මගීන්ට ත්‍රිවේන්ද්‍රම් හෝ දකුණු ඉන්දියාවේ වෙනත් ගුවන් තොටුපලක සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔස්සේ පැමිණිය හැකියි. එසේම කොළඹ සිට කොචින් දක්වා ආසන වෙන්කරවාගෙන ඇති ගුවන් මගීන්ට ත්‍රිවේන්ද්‍රම් හෝ වෙනත් ගුවන් තොටුපලක් වෙත යාමට අවස්ථාව සළසා දී තිබෙනවා. මේ සදහා අමතර ගාස්තු අය කරන්නේ නැති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහන් කරනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු 1979 අංකයෙන් ලබාගත හැකියි.
Post a Comment