ඇමෙරිකාවට හා පැසිෆික් කලාපයේ ඇමෙරිකා මිතුරු ඉලක්කයන්ට ප්රහාර එල්ලකිරීමේ පුහුණු කටයුතුවල චීනය නිරතවන බවට පෙන්ටගනය චෝදනා කර තිබෙනවා. ඇමෙරිකා ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය මෙසේ ප්රකාශ කර ඇත්තේ සිය වාර්ෂික වාර්තා ඇමෙරිකානු කොංග්රසය වෙත ඊයේ (16) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වන්නේ චීනයේ බෝම්බ ප්රහාරක යානා යැවීමේ හැකියාව වර්ධනය වී ඇති බවයි. චීනය තවමත් මෙම වාර්තාව පිළිබද සිය අදහස් ප්රකාශ කර නැති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
Post a Comment