Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අප‍්‍රිකාවට පවුම් බිලියන හතරක ආධාර  

Add comments

අප‍්‍රිකාව සමග සිදුකරන ආයෝජන ඉහල නංවන බව බ්‍රිතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ප‍්‍රකාශ කළා. ඒ අග‍්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ ප‍්‍රථම දකුණු අප‍්‍රිකා සංචාරය අතරතුරදී. අප‍්‍රිකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් පවුම් බිලියන හතරක් ලබාදීමට සුදානම් බවද ඇය සදහන් කළා. තරුණ ප‍්‍රජාව සදහා නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමයි එහි සැලසුම. දිගුකාලීන ආර්ථික අවශ්‍යතා සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අභියෝග ජයගැනීම සදහා ද බ්‍රිතාන්‍යයේ සහාය හිමිවන බවයි තෙරේසා මේ සදහන් කළේ. ඇය නයිජිරියා සහ කෙන්යා රටවල ද සංචාරය කිරිමටයි නියමිතයි. බ‍්‍ර‍්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු අනෙකුත් රටවල් සමග වෙළෙද සබදතා පවත්වන ආකාරය සම්බන්ධයෙන් යෝජනා රැසක් ඉදිරිපත්වී තිබෙනවා. අප‍්‍රිකාව එහිදි ප‍්‍රධාන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG