Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන්වෙයි  

Add comments

ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස 02.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (30) දහවල් 12.10 ට තාරාකුන්ඩු, පල්ලෙමඩු, පුතූර්, පුදුකුඩුඉරුප්පු සහ කෝකිලායි යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

දිවයිනට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසිහෝගිගුරුම්සහිතවැසිඇති විය හැකිඅතරදිවයින වටා වන සෙසුමුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.කොළඹ සිටගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළං බස්නාහිර දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කී.මී.30-40 පමණ වේ.හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG