
ඝාතනයට ලක් වූ අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන්ගේ මව ඔහු පිළිබද බ්‍රිතාන්‍ය පුවත්පතකට අදහස් දක්වා තිබෙනවා. ඔසාමා බින්ලාඩන් ඝාතනය කෙරුණේ 2011 වසරේදීයී. ඔහුගේ මව වන 70 හැවිරිදි ආලියා ගනේම් ද ගාඩියන් පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ තම පුතණුවන් බියගුලු චරිතයක් බවයි. විශ්ව විද්‍යාලයේදී ඔහු ඇතැම් අවස්ථාවල ක්‍රියා කළේ අදහස් විකෘති වූ අයෙකු ලෙස බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර බින්ලාඩන් අවසන් වරට දුටුවේ 1999 වසරේ දී බව ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කර තිබෙනවා. ඉන් වසර 02කට පසුවයි ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා සංවිධානය ප්‍රහාර එල්ල කළේ.
Post a Comment