
වී අලෙවි මණ්ඩලය මෙවර යලකන්නයේ වී මිලදී ගැනීම අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් තිස්අටකටත්, සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් හතලිස් එකක මුදලකටත් වි මිලදී ගැනීම උහන, වැරැන්කැටගොඩ, වී ගබඩා සංකීර්ණයේ දී ආරම්භ වුණා. වී මිලදී ගැනීමේ දී සිදුවන තදබදය මගහරවා ගැනීමට මෙවර අස්වනු නෙලන අවස්ථාවේ සිටම වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා. මෙවර අම්පාර දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රින් ටොන් විසිපන්දහසක් මිලදී ගැනීම රජයේ අපේක්ෂාවයි. ඒ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලයන නවසිය හැත්තෑ පහක්.
ගොවීන්,
Post a Comment