Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගලහ රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් සුව ඇමැති නියමයෙන් පරීක්ෂණයක්  

Add comments

පේරාදෙණිය ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ කුඩාදරුවෙකු මියයාමේ සිද්ධිය සහ ඉන් පසු ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද (29) නියෝග කළේය.

එම සිද්ධිය වන විට එම රෝහලේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙසත් වෙනත් වෛද්‍යවරුන් දෙදෙනෙකු කඩිනමින් එම රෝහලවෙත යොමු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත. එම වෛද්‍යවරුන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදෙනු ලබන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සදහායි. මෙම රෝහලේ ඊයේ (28) සිදුවූ සිද්ධිය පාලනය කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ තවත් පොලිස් බලෑනි කැදවීමට ද සිදුවිය. අවුරුදු එකහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි දරුවෙකු සෙම තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ (28) උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමව්පියන් විසින් රැගෙනවිත් තිබේ.කෙසේ වෙතත් දරුවාව පැය දෙකක පමණ කාලයක් යනතුරු වෛද්‍යවරුන් නිසි ලෙස පාරීක්ෂා නොකිරීම හේතුවෙන් එම දරුවාව ත්‍රීරෝද රථයකින් පේරාදෙණිය රෝහලට රැගෙන යාමට ඔහුගේ දෙමව්පියන් උත්සහ කර ඇති බවට වාර්තා පළ වී තිබුණි. එහෙත් වෛද්‍යවරුන් ඒ සඳහා අවසර ලබා නොදී ඇත්තේ එම අවස්ථාවේදී රෝහල තුළ ගිලන් රථයක් නොමැතිවීම හේතුවෙන් බවත් එහිදී දරුවාට ප්‍රතිකාර කරමින් සිටින අතරතුර දී ඔහු මිය ගිය බවටත් මාධ්‍ය වාර්තා පළ විය.එම අවස්ථාවේදී ප්‍රකෝපකාරීව හැසිරුණු ප්‍රදේශවාසීන් රෝහලේ ගොඩනැගිලිවලට සහ වෛද්‍යවරු දෙදෙනෙකුගේ මොටර් රථවලට පහරදී තිබෙන බවත්, අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද පැමිණි ඇති බවටත් මාධ්‍ය වාර්තා පළ විය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG