Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙවුන්දර කලනට අධිකරණයේ පිහිට  

Add comments

දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ දැඩි වධ හිංසා විඳිමින් සිටි කලන හස්තියා භාර ඇත්ගොව්වා සහ දේවාලයේ බස්නායක නිළමේගේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදුන්නා.  දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ ගාල්කර සිටි කලන හස්තියා වසර ගණනාවක් පුරා දරුණු වධ හිංසාවකට ලක්ව සිටියා. මේ පිළිබද අයිටීඑන් ප්‍රවෘත්ති තුළන් හෙළිකළා. වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (27) එහි ගොස් තොරතුරු සොයා බැලුවා. එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ගන්දර පොලීසියට පැමිණිල්ලක් ද සිදු කළා.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේගේ ලේකම් වන සුනිල් ශාන්ත කොළඹගේ සහ ඇත්ගොව්වා වන කිරිමුදියන්සේලාගේ ධනුෂ්ක යන අය අත්අඩංගුවට ගත් පොලීසිය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත කළා. රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප 2ක් මත සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තා.  හස්තියාගේ පිරිසිදු කිරීම් හා නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට අවධාරණය කළා.  මීළග නඩු වාරයේදී ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නියෝග කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG