Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවර්ධනය වේගවත් කිරීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම බව ජනපති කියයි  

Add comments

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ අමාත්‍යාංශ ලේකම්වරුන් සමග පැවති හමුවකදීයි.

අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සදහා අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිතුමා මුණ ගැසුනා. රාජ්‍ය ආදායම් ප්‍රවර්ධනය සදහා නව යෝජනා, නව ආදායම් මාර්ග නිර්මාණය, ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය සහ රාජ්‍ය ආයතනවල වියදම් කළමනාකරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබදවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ජනාධිපතිතුමාගේ නිල සංචාරවලදී ඇති කර ගන්නා ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම සහ සමාලෝචනය වෙනුවෙන් සෑම අමාත්‍යාංශයකම අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමට කටයුතු කර තිබෙනවා. එහි ප්‍රගතියද විමසා බැලුනා. අමාත්‍යාංශවලින් විධීමත් මහජන සම්බන්ධතාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා.

මහජන ඉල්ලීම් සහ දුක් ගැනවිලි සදහා ප්‍රමුඛත්වයක් ලබාදීමේ වැදගත්කමද අවධාරණය කළා. නිලධාරීන් හමුවීමට එන ජනතාවට සේවා සැලසීමට රාජ්‍ය නිලධාරීන් බදාදා දිනවල කාර්යාලයේ රැදී සිටිය යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. අමාත්‍යාංශවල වෙබ් අඩවි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රජයේ ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් වන ග්‍රාමශක්ති, ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන, ජාතික රුක් රෝපණ වැඩසටහන් ආදියට අමාත්‍යාංශවල  දායකත්වයද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණා. ජනාධිපතිතුමා පැවසුවේ ජනතාවගේ ජිවන වියදම අඩු කරමින් ඔවුන්ට සහන සැලසීම සදහා ගෙන යන වැඩපිළිවෙළේදී විධිමත් මෙන්ම කඩිනම් තීන්දු ගැනීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම බවයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG