
පුරා විද්‍යා දෙපාර්මේන්තුව මගින් සිදු කරනලද පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන සම්බන්ධයෙන් කරන ලද ස්ථානීය ක්‍ෂේත්‍ර චාරිකාව තුලදී ආසියාවේ දිගම ගල්ලෙන සහිත විහාරය අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේදි හමුවී තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුලංනුගේ ප්‍රදේශයේ මෙම විහාරය පිහිටා තිබෙනවා. කාවන්තිස්ස රජතුමා විසින් මෙම විහාරය ඉදිකරවා ඇති බව සෙල්ලිපිවල සදහන් වනවා. අඩි 175 ක් දිග මෙම ගල්ලෙන තුල පිහිටා ඇති පිළිම වහන්සේ ලංකාවේ පැරණිතම පිළිමයක් ලෙස සැළකෙනවා. පිළිම වහන්සේ ඉදිකිරීම සදහා භාවිතා කර තිබෙන්නේ මැටි ගඩොල් පමණයි. ගල්ලෙන තුල ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මෙම විහාරය ඉදිකර තිබෙන්නේ වැවයි – දාගැබයි ගමයි – පන්සලයි යන සංකල්පයට අනුවය. මෙම ගල්ලෙන තුළ අඩි 500 ක කටාරම් කොටා තිබෙනවා. මෙම විහාරය පිහිටා තිබෙන අක්කර 180 ක පමණ භූමියේ ගල්ලෙන් 30 ක් පමණ තිබෙනවා.
Post a Comment