Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෙන්යා ජනාධිපති සහ ට්‍රම්ප් අතර හමුවක්  

Add comments

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්වුණා.

දෙරට අතර වෙළඳාම සහ ආරක්ෂක තත්වය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇති බව සඳහන්. ජනපතිවරුන් දෙදෙනාගේ සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර ද සාකච්ඡා පවත්වා තිබෙනවා. ඇමෙරිකා ජනපති බිරිද මෙලානියා ට්‍රම්ප් සහ කෙන්යා ජනපති බිරිද මාගරට් කෙන්යාටාද මෙම සාකච්ඡා සඳහා එක්වුණා. ඇමෙරිකාව සහ කෙන්යාව අතර දීර්ඝ කාලයක් තිස්සේ වෙළඳ කටයුතු සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කෙරෙනවා. ඇමෙරිකාව වෙත භාණ්ඩ අපනයනය කරන ප්‍රධානතම රාජ්‍යයක් ලෙසයි කෙන්යාව සැලකෙන්නේ. දෙරට අතර පසුගිය වසරේ දී ඇමරිකා ඩොලර් බිලියන 1.5ක ගනුදෙනු සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG