Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රතිකාර ප්‍රමාදයෙන් බිළිඳා මියගියැයි වෛද්‍යවරුන්ට චෝදනා  

Add comments

මහනුවර, ගලහ ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි වයස අවුරුදු එකහමාරක දෙල්තොට ප්‍රදේශයේ දරුවෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛද්‍යවරුන් දරුවාට ප්‍රතිකාර කිරීමට ප්‍රමාදවීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වූ බවයි මියගිය දරුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ.

වැළදී තිබූ උණ රෝගයක් සදහා ප්‍රතිකාර ලබාගැනීමටයි දරුවා රෝහලට ඇතුළත් කර තිබෙන්නේ. නමුත් රෝහලට ඇතුළත්වී පැය දෙකක පමණ කාලයක් ගතවන තෙක් දරුවා පිළිබදව කිසිදු වෛද්‍යවරයෙකු අවධානය යොමු නොකළ බවට දරුවාගේ ඥාතීන් චෝදනා කරනවා. කෙසේ වෙතත් දරුවා මියයාමෙන් පසුව රෝහල අවට උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.

මියගිය දරුවාගේ ඥාතීන් රෝහලේ සිටින වෛද්‍යවරුන්ට පිටතට ඒමට ඉඩනොදී රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. කෙසේ වෙතත් රෝහල අවට ආරක්ෂාව තරකෙරුණා අතර පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ද එහි කැදවා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සදහා අප ගලහ ප්‍රාදේශීය රෝහලේ නිලධාරියෙකු දුරකතනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඔවුන් කිසිවෙක් ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

ඒ අනුව දරුවා මියයාම සම්බන්ධයෙන් අප මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මියගෙන් විමසා සිටියා. එහිදී ඇය සදහන් කළේ සිද්ධිය පිළිබද හෙට දිනයේදී පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG