Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ කිහිපයකට අදත් තද සුළං  

Add comments

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක අද (18) දිනයේ ද සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.  මේ අතර නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කළ ප්‍රදේශවලට එම නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කරන්නේ.

ප්‍රදීප් කොඩිප්පිලි – නියෝජ්‍ය අධ්‍යක්ෂ – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය,

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කාසල්රී ජලාශය වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා. මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු තුන බැගින් විවෘත කර තිබෙනවා. කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල සියලු වාන් දොරටු ද විවෘතකර ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. මේ අතර විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් මට්ටමට පැමිණ තිබෙනවා.

මේ අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා දමා තිබුණා. නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සකස්කෙරුණු තාවකාලික මාර්ගය ඔස්සේ රථවාහන ගමනාගමනය සදහා එක් මන්තීරුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සෙනන් සදන් ප්‍රදේශයේ විශාල පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා මතු වුණා. එම ප්‍රදේශයෙන් විකල්ප මාර්ගයක් සෑදීමට පියවර ගැනීමත් සමග ඊයේ (17) රාත්‍රීයේ සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කිරිමට හැකිව තිබෙනවා. මධ්‍යම කදුකරයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පරික්ෂාකාරි ලෙස රියධාවනය කරන ලෙසයි හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG