
ජල හිඟය නිසා තම වගාවන් කරගත නොහැකිව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව මහත් අපහසුතාවන්ට මුහුණ දී සිටින බැවින් ඔවුන්ගේ වගාවන්ට අවශ්‍ය ජලය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ඇරඹීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා අවධාරණය කළේ, ඉදිරි කාලය තුළ විධිමත් පරිදි වර්ෂාව නොලැබෙන්නේ නම් එම ප්‍රදේශවල ගොවියන්ට වගා කටයුතු කරගෙන යාම සඳහා සුදුසු වැඩපිළිවෙලක් ඇරඹිය යුතු බවයි.
ඒ අනුව දැනට නියඟය බලපා තිබෙන අනුරාධපුරය, මන්නාරම, පොළොන්නරුව, වවුනියාව, කිළිනොච්චිය, මුලතිව්, යාපනය, හම්බන්තොට, මොණරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කවල වෙසෙන ගොවීන් සඳහා කෘෂි ළිං සැකසීමේ ව්‍යාපෘතියක් ඇරඹීය යුතු බවට තීරණය කර තිබෙනවා.
මෙම වසර තුළ කෘෂි ළිං 100ක් සකස් කිරීමට යෝජනා කළ අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රු.මි.120කි. ඉදිරි වසර කිහිපය තුළත් වසරකට කෘෂි ළිං 100 බැඟින් සකස් කෙරෙන අතර, එමඟින් ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය ජලය මෙන්ම පානීය ජලය ද ලබා ගත හැකි අයුරින් මෙම කෘෂි ළිං සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නා. මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.
Post a Comment