
ආණ්ඩුව රකිනවා සේම ධීවරයාත්, ධීවර කර්මාන්තයත් දිවි හිමියෙන් ආරක්ෂා කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙම අදහස් පළකළේ ධීවරයින් සදහා මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ උත්සවයකදීයි. රුපියල් මිලියන 175 කට අධික වටිනාකමකින් යුත් උපකරණ මෙහිදී ප්‍රදානය කෙරුණා. ඒ අතර මරුවැල්පන්න කට්ටල ද වනවා. එම කට්ටලයක වටිනාකම රුපියල් දසලක්ෂ විසිපන්දහසක් වන බව ධීවර අමාත්‍යාංශය පවසනවා. උත්සවය පැවැත්වුණේ කොළඹදීයි.
Post a Comment