Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවාස් ෂරීෆ්ගේ මී හරක් ඉම්රාන් ඛාන් වෙන්දේසි කරයි  

Add comments

උසස් වර්ගයේ මී හරක් 8 දෙනෙකු වෙන්දේසි කළ පුවතක් පාකිස්තානයෙන් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම මී හරක් අට දෙනා වෙන්දේසි කර ඇත්තේ  අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වීමයි.

හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් අගමැති නිවසේ රඳවාගෙන සිටි මී හරකුන් 8 දෙනෙකුයි රුපියල් මිලියන 2.3ක මුදලකට මෙසේ වෙන්දේසි කර තිබෙන්නේ.  පාකිස්තාන රජයේ මූල්‍ය අර්බුදයට විසදුමක් ලෙස මෙම වෙන්දේසිය සිදුකළ බව අගමැති ඉම්රාන් ඛාන් පවසනවා. මෙම සත්වයින් නවාස් ෂරීෆ්ගේ රජය මිලදීගෙන තිබෙන්නේ 2014 වසරේදීයි. ඉම්රාන් ඛාන් පසුගියදා පාකිස්තාන අග්‍රාමාත්‍ය නිවසේ තිබූ සුපිරි රථවාහන පෙළක් ද මෙසේ වෙන්දේසි කළා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG